About Us
වයඔ පළාතේ කුරුණෑගල දිස්ත්රික්කයේ පිහිටි වසර සියයකට වඩා උරුමකම් කියන ඉපැරණි දේවස්ථානයකි ශ්රී විෂ්ණු දේවාලය. කුරුණෑගල-මහනුවර මාර්ගයේ පිලැස්සහන්දියෙන් හැරී මානාවරිකන්ද වෙත කිලෝමීටර 2 ක් ගමන් කළ පසු මෙම අනුහස් ශ්රී විෂ්ණු දේවාලය හමුවේ. මෙම දේවස්ථානය මන්ත්රාචාර්ය ආර්. සිට්ටියා වෙදගුරු මහතා විසින් ආරම්භ කර ඇති අතර ඉතා පැරණි මන්ත්ර ගුරුකම් මගින් විශාල පිරිසකට අති මහත් සේවයක් ඉටුකරමින් පවත්වා ගෙන ගොස් තිබේ.
මන්ත්රාචාර්ය ආර්. සිට්ටියා වෙදගුරු මහතාගේ ලොකු මුණුපුරු විශේෂ සම්මානයට පාත්ර වූ ගුප්ත ශාස්ත්රඥ ආර්.පී.ජේ. සීලරත්න වෙදමහතා විසින් එම සේවය තවදුරටත් ඉටුකරමින් වර්තමානයේ මෙම දේවස්ථානයේ කටයුතු කරමින් සිටී.
අතීතයේ පැවති ආකාරයෙන්ම මෙම දේවස්ථානයේ පැරණි බව ආරක්ෂා කරමින් දෙස් විදෙස් දුකට පත් දහස් ගණන් අසරණ දරු දැරියන්ට විශාල සේවයක් ඉටුකරීමට ද හැකිවීම මන්ත්රාචාර්ය ආර්.පී.ජේ. සීලරත්න වෙදමහතා ලද ජයග්රහණයක්වේ. විෂ්ණු දේවාලය ලෙස පැවති මෙම දේවස්ථානය අද වනවිට ශ්රී විෂ්ණු දේවාලය සහ ගුප්ත ආයතනය ලෙස සංවර්ධනය කර පෙරටත් වඩා සුවිශේෂ සේවයක් සැලසීම ආර්.පී.ජේ. සීලරත්න වෙදමහතා කටයුතු කර තිබේ.
එමෙන්ම මේ වනවිට 06/5/ස/ස/ලි.ප/මාර/ 6/33 සහ K/E/D/7/2010 අංක යටතේ රජයේ ලියාපදිංචි කර ඇති ආයතනයක් ද වේ.
මන්ත්රාචාර්ය ආර්.පී.ජේ. සීලරත්න වෙදමහතා විසින් ඉටු කරන ලද මෙම සේවය වෙනුවෙන් එතුමා විශේෂ සම්මානයට පාත්රවීම ක්ෂේත්රයේ විශේෂත්වයකි. එතුමා විසින් දිනාගත් විශේෂ සම්මාන සහතික කිහිපයක් පහත දැක්වේ.